මෙරටට අලුත් ඉන්දීය මහකොමසාරිස්වරයෙක්.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ලෙස කටයුතු කරන ගෝපාල්  බාග්ලේ මහතා වෙනත් රටක් සඳහා පත්කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ඔහු ඔස්ට්‍රේලියාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීමට නියමිත බව සඳහන්.

එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ යුරෝපීය සංගමයේ ඉන්දීය තානාපති ලෙස කටයුතු කරන සන්තෝෂ් ජා, ශ්‍රී ලංකාවේ මීළඟ මහකොමසාරිස් ලෙස පත්කිරීමට නියමිත බවයි.

Exit mobile version