ළමුන් සිරගත කරන්න අලුත් නීතියක් .

ළමුන් සිරගත කිරීමට හැකිවන පරිදි නව නීති සම්පාදනය කිරීමට ඕස්ට්‍රේලියාවේ ඊසාන දිග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රජය කටයුතු කර තිබෙන බව වාර්තා වේ .

එරට මානව හිමිකම් සංවිධානය සඳහන් කර ඇත්තේ මේ හරහා රජය විසින් මානව හිමිකම් පනත උල්ලංඝනය කර ඇති බවයි.

ඇප කොන්දේසි කඩ කරන තරුණයින් සිරගත කිරීම ඇතුළු තරුණ යුක්තිය පිළිබඳ නීති මෙලෙස වෙනස් කර ඇති බවත් , වයස අවුරුදු 10 ත් 18 ත් අතර ළමුන් මෙම නීතියට යටත් කරනු ඇති බවත් , ඔවුන් පොලිස් මුර නිවාස වල දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමට හැකි බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version