නව මදුරු විශේෂයක්.

ගෙම්බන්ගේ රුධිරය පමණක් උරා බොන නව මදුරු විශේෂයක් මෙරටින් හඳුනාගෙන ඇති බවට වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා ඇති බව වාර්තා වේ.

එහි කීට විද්‍යා දෙපාර්තමේන්තුවේ කීට විද්‍යා නිලධාරි ගයාන් ශ්‍රී කුමාරසිංහ මහතා පැවසුවේ මීරිගම, හන්දුරුමුල්ල ප්‍රදේශයෙන් එම මදුරු විශේෂය සොයාගත් බවයි.

ඒ සමගම මෙරටින් හඳුනාගෙන ඇති මඳුරු විශේෂ සංඛ්‍යාව 156 ක් දක්වා ඉහළ යන බවට ඔහු සඳහන් කර  තිබේ.

Exit mobile version