නව දුම්රිය මාර්ගයක් .

නානුඔය සිට නුවරඑළිය සහ රාගල දක්වා නව දුම්රිය මාර්ගයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් , සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් දිනා ගත් නානුඔය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් බ්‍රිතාන්‍ය යුගයේ නිර්මාණය කළ රාගල දක්වා දුම්රිය මාර්ගය කුඩා විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට යෝජනා වී ඇති බවත් නානුඔය ප්‍රදේශයේ නිල සංචාරයක් සඳහා එක් වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමකට අනුව උදෑසන කාලයේ නානුඔය සිට කොළඹ දක්වා ගමන් ගන්නා දුම්රිය මඟීන්ට නුවර එළිය නගරයේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට විශේෂ බස් රථයක් යෙදවීමට උපදෙස් ලබා දී ඇති බවත් , නානුඔය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් එළවළු ප්‍රවාහනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

Exit mobile version