මෙරට විදෙස් ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය වෙනුවෙන් නියෝජිතයින් පත් කිරීමේ වැඩපිළිවෙල යටතේ රිෂිකුමාර් නඩරාජා මහතා කටාර් හි ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත් කෙරිණ. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා අතින් හෙතෙම පසුගිය දා පත්වීම් ලිපිය ලබා ගත්තේය. කෘෂිකර්මය, බලශක්ති උත්පාදනය, කර්මාන්ත, නගර සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, පතල් කැණීම, ඛනිජ ආශ්‍රිත කාර්මික ව්‍යාපෘති සහ අනෙකුත් සියලුම ආකාරයේ ආයෝජනවලින් සමන්විත ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලුම අංශවල සියලු වර්ගවල ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කිරීමේ බලතල ඔහුට පැවරී තිබේ.
කටාර් රාජ්‍යයේ නියෝජිතයා ලෙස පත් වූ රිෂිකුමාර් නඩරාජා මහතා කොළඹ දී උපත ලැබූවෙකි. හෙතෙම බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය ඔහු ලබා ගත්තේ ලන්ඩනයේ School of Economics වෙතිනි. හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයෙන් ඖෂධවේදය පිළිබඳ පාඨමාලාවක්ද ඔහු හදාරා තිබේ. . භාෂා හතරක් චතුර ලෙස කතා කිරීමට හැකි ඔහු මහනුවර පල්ලෙකැලේ පිහිටි Celogen Lanka පෞද්ගලික සමාගම සහ Kelun Life Sciences පෞද්ගලික සමාගම ආදියෙහි අධ්‍යක්‍ෂ ධුරය ද දරයි.
විදෙස් ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය සදහා නව නියෝජිතයෙක් කටාර්වලට පත් කෙරේ.
