බස්නාහිර පළාතට අලුත් අවදානමක්.

ශ්‍රී ලංකාවට නුදුරින් සිදුවන භූ කම්පන හේතුවෙන් බස්නාහිර පළාතේ පිහිටි උස් ගොඩනැගිලි වර්ගීකරණයකට ලක්කළ යුතු බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ,භූ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

පසුගියදා ශ්‍රී ලංකාවට ගිණිකොණදිග මුහුදු ප්‍රදේශය ආශිතව සිදුවූ භූ කම්පනය සම්බන්ධයෙන් මහනුවර දී ඊයේ(3) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version