ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ස්ථාපිත කිරීම දිවයිනේ පළාත් 8ක ලබන ඔක්තෝබර් මස 03 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුර සහ ඌව යන පළාත්වල පළමුව මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති බව සදහන්.
බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය (eRL 1.0) ඉදිරියටත් ක්‍රියාත්මක වේ.
ඒ අනුව, දිවයින පුරා සියලු ම පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (27) සිට ඔක්තෝබර් මස 02 දක්වා දිනවල තාවකාලිකව නතර කෙරේ.
මාර්ගගත ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම ද ඔක්තෝබර් මස 06 වන දින මධ්‍යම රාත්‍රි 12 දක්වා තාවකාලිකව නතර කෙරෙනු ඇති.
පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවල ද සහයෝගය ඇතිව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය නව්‍යකරණය කිරීමේ කටයුතු සිදු කර ඇති බව වාර්තා වේ.
