රා වලටත් නව බද්දක්.

රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපායමාර්ග සෙවීමට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාව පසුගිය 12 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දුන් අතර එම වාර්තාවට අනුව රා තොග සැපයීමේ දී ලීටරයකට රුපියල් 10 ක නව සුරා බද්දක් පැනවීමට නියමිත බව ඊයේ (13) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම නීත්‍යානුකූලව බදු ගෙවන්නන් මත නව බදු පැනවීමට අපේක්ෂා නොකරන බවත් , මෙම වාර්තාවට අනුව බදු පදනම තවදුරටත් පුළුල් කිරීමට යෝජනා වී ඇති බවත් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version