පරිවාස නිලධාරීන් නිල බලයෙන් සාම විනිසුරුවරුන් බවට පත්කෙරෙන ගැසට් නිවේදනයක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ .
වින්දිතයන් බවට පත්වන දරුවන්ට නෛතික කටයුතුවලදී අවශ්‍යවන දිවුරුම් ප්‍රකාශ ගැනීමේදී සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා පරිවාස නිලධාරීන්ට සාම විනිසුරු පත්වීම්දීමට මේ අනුව නෛතික ප්‍රතිපාදන හිමි වන බව සඳහන් .
ඒ අනුව එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත්තේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ස්ථිර සහ සක්‍රීය සේවයේ නියුතු සෑම පරිවාස නිලධාරියකුම නිල බලයෙන් එකී නිලධාරියා පත්කර ලැබ සිටින අදාළ පළාතේ පරිපාලන දිස්ත්‍රික්කය සඳහා සාමදාන විනිශ්චයකාරවරයකු විය යුතු බවයි.
ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් කළ ඉල්ලීමකට අනුව අමාත්‍යවරයා මෙම පියවර
ගෙන ඇති අතර මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සභාපතීත්වයෙන් පැවති ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේදී මේ කාරණය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයාට මෙම ඉල්ලීම කර තිබේ.
පරිවාස හා ළමාරක්ෂණ සේවා කොමසාරිස්වරයාද පළාත් කොමසාරිස්වරුද මේ සාකච්ඡාවට සහභාගී වූ බව ද වාර්තා වේ .
