කර්කස්වෝල්ඩ් වතුයායට නව ජල යෝජනා ක්‍රමයක්.

බගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායේ නිවාස සංකීර්ණය සඳහා පානිය ජලය ලබා දීමේ අරමුණ මත නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට හැටන් සතුටු නිවස පදනම මගින් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එම නිවාස සංකීර්ණය සදහා නිසි ලෙස ජල පහසුකම් නොමැති වීමත් සමග විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති  ජනතාව විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මේ පිළිබඳව අදහස් දක්වන හැටන් සතුටු පවුල පදනමේ අධ්‍යක්ෂක ආචාර්ය එස්. පෙරුමාර් රවින්ද්‍රන් මහතා පවසන ලද්දේ බගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායේ නිවාස සංකීර්ණයේ ජනතාවට අවශ්‍ය ජල පහසුකම් නිසි ලෙස නොමැති වීමත් සමග එම ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවයි.

එම තත්ත්වයන් මත එම ජනතාවගේ ඉල්ලීම මත එම නිවාස සංකීර්ණය සදහා රුපියල් ලක්ෂ 25ක පමණ වියදමින් නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට මුල් ගල් තැබු බවත් එම නව ජල යෝජනා ක්‍රමය මාස දෙකක් තුළ නිම කිරිමට පියවර ගන්නා බවත්ය.

Exit mobile version