වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩයගම හරහා හෝර්ටන් තැන්න වෙත පිවිසෙන නව පිවිසුම් මාර්ගයක් හෙට (28) සිට විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.
වනජීවී හා වන සම්පත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් නව මාර්ගය විවෘත කිරීමට නියමිත බව සදහන්.
සංචාරකයින්ට ඇවිදීමට සහ බයිසිකල් පැදීමට මෙම මාර්ගය ප්‍රධාන වශයෙන් භාවිතා කළ හැකි බව වාර්තා වේ.
එමෙන්ම කිසිදු හේතුවක් මත වෙනත් වාහන එම ප්‍රවේශ මාර්ගයට ඇතුළු කිරීමට ඉඩ නොදෙන බවද සඳහන්.
මෙම නව පිවිසුම් මාර්ගය හේතුවෙන් දියගම ප්‍රදේශයේ සංචාරකයින් මුහුණ දෙන අනතුරු ඉවත් කර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ආරක්ෂාව ද වැඩිදියුණු වන බව වාර්තා වේ.
ඒ අනුව සංචාරකයින්ට ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ වීමේ තුන්වන මාර්ගය වන්නේද මෙය බව සදහන්.
