ළමා අපයෝජන නඩු කඩිනමින් අවසන් කරන්න නව ක්‍රමයක්.

මෙරට විවිධ අධිකරණවල විභාග වීමට නියම්ත ළමා අපයෝජන නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා මෙන්ම වින්දිතයින් නැවත නැවතත් පීඩාවට පත් නොකිරීම සඳහා නඩුවට අදාළ සාක්ෂි සටහන් කර ගැනීමට වීඩියෝ තාක්ෂණය යොදා ගැනීමේ නව වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන අතර එම වීඩියෝ සාක්ෂි සටහන් කර ගැනීමේ තුන්වන මධ්‍යස්ථානය පසුගියදා ගාල්ල – කරාපිටිය වෛද්‍ය පීඨයේ ස්ථාපිත කළ බව වාර්තා වේ.

මීට අදාළ වන අවබෝධතා ගිවිසුම රුහුණු විශ්වවිද්‍යාලය වෙනුවෙන් කරාපිටිය වෛද්‍ය පීඨාධිපති මහාචාර්‍ය තිලක් වීරරත්න , ළමා ආරක්ෂක අධිකාරිය වෙනුවෙන් එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය උදය කුමාර අත්සන් තබා ඇති බව සඳහන් වේ.

Exit mobile version