වෙඩි තැබීමට උත්සාහ කළද වෙඩි නොවැදීමේ පුවතක්.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වැලිගම මිදිගම වෑකඩ පදිංචි පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ කොට එය ව්‍යර්ථ වීමෙන් පසුව පලාගොස් ඇති බවට මිදිගම පොලිසිය වාර්තා කරයි.

ඊයේ (09) රාත්‍රි 7.55 ට පමණ මිදිගම පොලිස් ස්ථානය අසල පිහිටි වෑකඩ,මිදිගම පදිංචි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් ඔහුගේ වෙළදසැල අසලට පැමිණි නාදුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙළෙදසැලේ සිටි අයෙකුට ටී 56 වර්ගයේ ගිණි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළද ගිණි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩික්කරු ගිනි අවියත් රැගෙන පළා ගොස් ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිස් කණ්ඩායම් පහක් පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version