විදුහල්පතිවරුන් හට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්.

අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාග රාජකාරී සඳහා සහභාගී වීම හේතුවෙන් විදුහල්පති සේවයේ තුන්වන පන්තියට බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමට නොහැකි වූවන් හට මෙම මස 10 වනදා පෙරවරු 10 ට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන රාජ්‍ය  අමාත්‍ය අරවින්ද කුමාර් මහතා දනුම් දුන් බව වාර්තා වේ.

මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා 500කට අධික සංඛ්‍යාවකට සහභාගී වීමට නොහැකි වී තිබෙන බවත් , 4700 දෙනෙකු අදාළ සේවයට බඳවා ගැනීම සඳහා මෙම සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ බවත් , සුදුස්සන් 6000කට අධික පිරිසක්  සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබූ බවත් සඳහන්.

Exit mobile version