.පොලිසිය විසින් මහියංගනය -මහනුවර මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් හට දැනුම් දී ඇත්තේ විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙසයි.
ඒ ඊයේ (19) දින එම මාර්ගයේ 18 වංගු ප්‍රදේශයේ දෙවන වංගුව අසල මාර්ගයට අධික වැසි හේතුවෙන් පස් කන්දක් කඩා වැටී ගමනාගමනයට බාධා එල්ල වීමෙනි.
එම මාර්ගයේ මහියංගනය දක්වා ගමන්ගන්නා රථවාහන තැන්නේකුඹුර හංදියෙන් හා මහනුවර දෙසට ගමන් ගන්නා රථවාහන රජමාවත හංදියෙනුත් හැරී ගමන් කිරීම මගින් මෙම ප්‍රදේශය මග හැරෙන බව පොලිසිය රියදුරන් වෙත දැනුම් දී ඇත.
