නාවික හා ධීවර ප්‍රජාවට දැනුම්දීමක් .

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය ,මන්නාරම ,පුත්තලම ,කොළඹ ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙසට ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

මේ අතර මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු දෙකක් විවෘත කිරීම හේතුවෙන් වේල්ලෙන් පහළ මහවැලි ගග පරිහරණය කිරීමේදී සුපරික්ෂාකාරී වන ලෙස දන්වා තිබේ.

Exit mobile version