උත්සව සමයේ ඉන්ධන බෙදාහැරීම ගැන දැනුම්දීමක් .

පසුගිය සතිය තුළ QR කේතය මගින් ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදය සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බවට වාර්තා වේ.

පෙර සතිය තුළ QR කේතය මගින් ඉන්ධන අලෙවිය අඩු මට්ටමක තිබූ ඉන්ධන පිරවුම්හල් 66ක් තාවකාලිකව අත්හිටුවීමෙන් පසු 60% කට පමණ තිබූ QR කේතය මගින් ඉන්ධන අලෙවිය 80% කට වඩා ඉහළ වර්ධනයක්
ලබා තිබේ.

ඒ අනුව උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදාහැරීම වර්ධනය කර ඇති අතර,ඒ අනුව දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4650ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රික් ටොන් 5500ක් නිකුත් කර බෙදා හරිනු ලැබේ.

Exit mobile version