ආයුර්වේද පනත් කෙටුම්පත කඩිනමින් සිදු කළ සංශෝදනයක් නොවන බවත් , දැනට වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ සිදු කළ දීර්ඝ සාකච්ඡාවකට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමතිය සහිතව මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවති ආයුර්වේද පනත පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිදු දෙයක් ආයුර්වේද පනත් කෙටුපතේ නොමැති බවත් , වසර දහස් ගණනක් පැරණි උසස් චිකිත්සක ක්‍රමයක් වන පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානිවන කිසිදු දෙයක් සිදු කිරීමට සූදානමක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
තවද ආයුර්වේද පනත 1961 අංක 31 යටතේ ස්ථාපිත , දැනට වසර 62කට පෙර පාර්ලිමේන්තුවේ අනුමත කළ පනතක් බවත් , මෙය දීර්ඝ කාලයක පටන් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ සමස්ථ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව සංවාදයකට ලක් කරමින් අලුත් පරිවර්තනීය වෙනස්කම් පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සිදු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
