ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක් .

උතුරු ඊශ්‍රායලයේ ලෙබනනයට සහ සිරියාවට ආසන්නව ඇති නගරවලට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් නිසි පරිදි අනුගමනය කළයුතු බවට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී ඇති බව වාර්තා වේ.

ලෙබනනය සහ සිරියාවට ආසන්නයේ ඇති නහරියා, අකෝ, හයිෆා, තිබෙරියා, නසරිත් ඇතුළු ගම්මාන ආසන්නයට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර ඇති බවට තානාපති කාර්යාලය පවසයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙසත් ඖෂධ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ළඟ තබාගන්නා ලෙසත් ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් ඊශ්‍රායල් රජය විසින් ආරක්ෂක හමුදා එම ප්‍රදේශ වෙත යොමුකර ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවද තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version