ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් ඊයේ (16) හික්කඩුව , වෑවල ප්‍රදේශයේ දී ගාල්ල අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම සැකකරු සංචාරක වීසා මත මෙරටට පැමිණි අයෙක් වන අතර වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොමැතිව වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් කොණ්ඩා කපන ස්ථානයක රැඳී සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි අයෙක් වන අතර ඔහුව අද (17) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වැඩි දුර විමර්ශන සිඳු කරනු ලබයි.
