අර්ධ චන්ද්‍රග්‍රහණයක් .

ඔක්තෝබර් 28 රාත්‍රියේ සිට 29 වැනිදා අලුයම දක්වා පැය 04යි විනාඩි 25ක පමණ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලංකාවාසීන්ට දැක ගැනීමේ අවස්ථාව ඇති බවට මොරටුව ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කර ඇති බව වාර්තා වේ.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය නැගෙනහිර ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, ආසියාව, ඔස්ට්‍රේලියාව යන කලාපවලට දර්ශනය වන බව සදහන්.

අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස සැලකුවත් සඳෙහි ඉතා සුළු ප්‍රදේශයක් පෘථිවියේ පූර්ණ ඡායාවට ඇතුළුවීම සිදුවන බැවින් මෙය බොහෝ දුරට උපඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස් වේ.

සඳෙහි දීප්තියේ සහ වර්ණයෙහි වෙනසක් සිදු නොවන බවද ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.

උපඡායා චන්ද්‍රග්‍රහණය ඔක්තෝබර් 28 වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් 23.31ට ඇරඹෙන අතර, අර්ධ චන්ද්‍රග්‍රහණය ඔක්තෝබර් 29 වැනිදා අලුයම 01.05ටද, චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව 29 වැනිදා අලුයම 01.44යි තත්පර 05ටද දර්ශනය වේ.

අර්ධ චන්ද්‍රග්‍රහණයේ අවසානය 29 වැනිදා අලුයම 02.22ට සිදුවන අතර, උපඡායා චන්ද්‍රග්‍රහණයේ අවසානය අලුයම 03.56යි තත්පර 25ට පමණ සිදුවනු ඇති.

Exit mobile version