මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් පරික්ෂා කරමින් සිටි දුම්රිය සේවකයන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු මරදාන පොලීසියට භාරදුන් බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට අදාල මගියා දුම්රිය සේවකයන්ට දිගින් දිගටම බාධා කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධරියෙක් ප්‍රකාශ කළේ ඇතැම් මගීන් දිගින් දිගිටම මරදාන දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව පිටව යාම නිසා ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු දිනපතා ක්‍රියාත්මක වන බවයි.
