ඖෂධයක් ගනිමින් සිටි රෝගියෙක් ජීවිතක්ෂයට .

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුරදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

ඒ අනුව මේ සම්බන්ධයෙන් අදහස් පලකළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ ආසාත්මිකතාවයක් හේතුවෙන් ඔහු මියගියාද යන්න පිළිබඳව හෙට (27) පරීක්ෂණයක් පවත්වන බවත් , එතෙක් අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම නතර කළ බවත් ය.

Exit mobile version