පීසී – පීසී ගැටුමක්.

පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී බරපතළ තුවාල සිදු කළ තවත් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබෙන බව වාර්තා වේ .

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ ගුවන් තොටුපොළ කටුනායක ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

පොලීසිය පවසන්නේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවත් , පොලිස් කොස්තාපල්වරයාට මල් වාස් එකකින් පහර දී ඔහුගේ හිස පොලිස් උපකාරක සේවා කවුළුවේ ජනේලයේ වද්දා තුවාල සිදුකර ඇති බවත් ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version