කෝටියක අයිස් සමග පුද්ගලයෙකු මාට්ටු.

රුපියල් කෝටියකට අධික වටිනා  අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් දහයක් ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද  තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

39 හැවිරිදි සැකකරු දෙහිවල පදිංචි කරුවෙකි.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version