පොළොන්නරුව , බැඳිවැව ධීවර ගම්මානයේ පුද්ගලයෙකු අද (07) උදෑසන 5.30 ට පමණ වන අලියෙකු කළ පහර දීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු සිය වත්තේ රැඳී සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව තිබේ.
ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ නිරන්තරයෙන්ම ගම්මානවලට පැමිණෙන වන අලි හේතුවෙන් තමන් වසර ගණනාවක් තිස්සේ පීඩාවට පත්ව සිටින බවත් , ගම්මානය වටා ඉදිකර ඇති විදුලි වැට නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් මෙලෙස ගම්මානවලට වන අලි කඩා වදින බවත් ය.
