දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට .

ඊයේ(20) සවස් කාලයේ පෑලියගොඩ පොලිස් වසමේ කැලණිය දුම්රියපොළ අසල දී දුම්රිය මාර්ගයේ ගමන්ගත් නාඳුනන පුද්ගලයෙකු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 45ත් 50ත් අතර උස අඩි 05යි අඟල් 05ක් වන කොළ පැහැති කමිසයකින් හා ක්‍රීම් පැහැති කොට කලිසමකින් සැරසුණු සාමාන්‍ය සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙකි.

මෘත දේහය කොළඹ රෝහලේ තැන්පත් කර ඇති අතර පෑලියගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි .

Exit mobile version