අඹ ගසෙන් ඇදවැටී පුද්ගලයෙකු මරුට.

අඹ කැඩීමට ගසකට නැගි පුද්ගලයෙකු ඉන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ පුවතක් යාපනය පන්දිතිරුප්පු ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 37ක පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ගසට නැග අඹ කැඩීමට උත්සාහ කිරීමේදී ඉන් ඇද වැටී බරපතළ තත්ත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සදහන්.

Exit mobile version