ඊයේ (18) ඇල්ල , බල්ලකෙටුව ප්‍රදේශයේ දී පස් කන්දකින් පහළට ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇල්ලවත්ත , බල්ලකෙටුව ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකි .
මොහු නිවසට යමින් සිටියදී පස් කන්දකින් පහළට ඇද වැටී හිස ගලක වැදීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා රෝහල වෙත රැගෙන යමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ .
