ඊයේ (02) දහවල් කාලයේදී නාවලපිටිය, මාහකුඹුරු ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .
අලුතින් ඉදිකිරීමට නියමිත බැම්මක අත්තිවාරම කපමින් සිටි පුද්ගලයකුගේ ඇඟ මතට පස් කන්ද කඩා වැටී ඇති අතර පස් කන්ද ඉවත් කර පුද්ගලයා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වෙරලුගස්හින්න, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි.
