මසුන් මැරීමට ගිය පුද්ගලයෙකු සතුන් දඩයම් කිරීමට ඇද තිබූ විදුලි රැහැනක ගැටී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඉබ්බාවල,පාසල් වත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 66ක් වන පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ සිරුර විදුලි සැර වැදුන ස්ථානයට මීටර් දෙසීයකට පමණ දුරින් කුරුදු ඉඩමක කාණුවකට දමා කුරුදු අතුවලින් වසා තිබියදී සොයාගත් බවට පොලීසිය පවසයි.
අනවසර විදුලි රැහැන් අදිනු ලැබූ පුද්ගලයා සොයා මීදිගම පොලීසිය විමර්ශණ ආරම්භ කර ඇති බව සදහන්.
