විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට .

කළුතර උතුර පොලිසියේ සේවය කොට විශ්‍රාම ලැබූ කළුතර දකුණ ,සේරුපිට,කොහොලාන ප්‍රදේශයේ පදිංචිව සිටි විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඔහුගේ නිවසේ රෑපවාහිනිය සදහා ඇන්ටනාව සකස් කිරීමේදී ඇන්ටනා බටය විදුලි වයරයක ගැටීමෙන් වූ අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි පොලිස් සැරයන්වරයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (02) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version