හැටන් සිට ෆෝඩයිස් දක්වා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක ගමන් ගත් මගියකු එම බස් රථය තුලදිම මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා එම මළ සිරුර මේ වන විට දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව සිදු කරන ලද විමසීමකදී අදහස් දැක්වු හැටන් පොලීසියේ නිලධාරියකු පවසන ලද්දේ ඇන්පිල්ඩ් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අවුරුදු 41ක් වයසැති ආරුමුගන් නගෙස්වරන් යන අය වකුගඩු රෝගය සඳහා ප්‍රථිකාර ලබා ගැනිම සඳහා මහනුවර මහ රෝහලට ගොස් නැවත නිවෙස වෙත පැමිණීමට හැටන් සිට ෆෝඩයිස් දක්වා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස් රථයක ගමන් කරමින් සිටියදී එම බස් රථය තුලදිම මිය ගොස් ඇති බවයි.
පසුව මේ පිළිබඳව සිදු කරන ලද දැනුම්දීමක් මත එම බස් රථය පරික්ෂාවට ලක් කිරිමෙන් පසු එසේ මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විම සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත ගෙන ගිය බවත් මේ පිළිබඳව හැටන් පොලීසිය විසින් වැඩි දුර පරික්ෂණ ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
