ඊයේ (10) මහනුවර , දවුලගල , හන්දෙස්ස , ප්‍රදේශයේදී ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් සිදු කළ පිහි ඇනුමකින් අයෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ. මරණකරු 32 හැවිරිදි අයෙක් බව සදහන් කරයි.
මරණකරු තම සහෝදරයාගේ නිවසට ගිය අවස්ථාවේදී එම සහෝදරයාගේ නිවසේ අය සහ එම නිවස අසල සිටි තවත් අසල්වාසීන් පිරිසක් සමග ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් පිහි ඇනුමක් සිදු කර ඇත. එම ගැටුමෙන් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙකු මහනුවර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එම තිදෙනාගෙන් එක් අයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් ඝාතකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලීසිය සදහන් කරයි.
