මහියංගනයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මරුට.

බදුල්ල – මහියංගනය මාර්ගයේ මහියංගනය නගරය ආසන්නයේදී බදුල්ල දෙස සිට ධාවනය වූ ලංගම බස් රථයක් එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදු ව ඇති බව වාර්තා වේ.

ඊයේ (06) සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මහියංගනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සදහන්.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ බතලයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version