ගම්පහ රෝහලෙත් පුද්ගලයෙකු මිය ගිහින් – එන්නතක් තහනම් කරලා.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකු සෙෆ්ටාසිඩිම් එන්නත ලබා දීමෙන් පසු ජීවිතක්ෂයට පත් වීමත් සමඟ එම රෝහලේ අදාළ එන්නත ලබා දීම අත්හිටුවා ඇති බව වාර්තා වේ .

වාර්තා වන ආකාරයට මෙලෙස ජීවිතක්ෂයට පත් වූ රෝගියාට අදාළ එන්නත දස වතාවක් ලබා දී තිබෙන අතර 11 වන වතාවටත් මෙම එන්නත ලබා දීමේදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මොහු දියවැඩියා රෝගය උත්සන්න වීම නිසා පසුගිය 6 වැනිදා රෝහල වෙත ඇතුළත්ව තිබෙන බව සඳහන් .

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා 67 හැවිරිදි අයෙකි.

Exit mobile version