දුම්රියේ ගැටී පුද්ගලයකු මිය යයි.

ඊයේ (30) දින සවස් කාලයේදී හලාවත පොලිස් වසමේ පහළ ඔලිදළුව දුම්රිය හරස් මාර්ගයේදී හලාවත සිට මරදාන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ඉදිරිපස පුද්ගලයෙකු ගැටීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 67ක් වූ ඔලිදළුව කාක්කපල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින සිදු කිරීමෙන් අනතුරුව මෘත ශරීරය ඥාතීන් වෙත භාර දී තිබේ.

මේ පිළිබඳව හලාවත පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version