දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ පිහිටා තිබෙන බඹරවාන වැවේ සොරොව්ව අසල දී ඊයේ (28) පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .
ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු උස අඩි 5 අගල් 3 ක් වන වයස අවුරුදු 35 ක පමණ වන පුද්ගලයෙක් බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
