නාගොඩ ප්‍රදේශයේදී ගිං ගගේ ගිලීමෙන් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ, ඔහු ඊයේ පස්වරුවේ තවත් පිරිසක් සමග දිය නාමින් සිටියදී ගිං ගගේ ගිලී ඇති බවයි.
පුද්ගලයින් දෙදෙනෙකු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති අතර එක් අයෙකු දිවි බේරා ගෙන තිබේ.
අතුරුදන්වූ පුද්ගලයා සොයා නාගොඩ පොලිසිය , නාවික හමුදාව හා ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක බව සදහන්.
අතුරුදන්ව ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
