දියවැලකට හසු වී අයෙක් අතුරුදන්.

මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුවීමෙන් පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන් වී ඇති බව වාර්තා වේ.

ඊයේ(30) සවස් කාලයේ හබරාදූව පොලිස් වසමේ කොග්ගල කතළුව පාලම මෝය කට ආසන්නයේ මුහුදේ දිය නාමින් සිටි පිරිසකගෙන් තිදෙනෙකු මුහුදේ ගසාගෙන යන අවස්ථාවේ දෙදෙනෙකු බේරාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ උඩවලව ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසකගෙන් තිදෙනෙකු මෙලෙස දියවැලකට හසුවී ඇති බවයි.

බේරාගත් දෙදෙනා ප්‍රතිකාර සඳහා කළුගල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අතුරුදන්ව ඇති පුද්ගලයා වයස අවුරුදු 35ක් වන බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය,නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයාගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති අතර හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version