ඊයේ (12) මැදගම , ඌරුමුත්තාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කළ බව වාර්තා වේ.
මෙලෙස වෙඩි වැදී තුවාල ලැබූවායින් අනතුරුව ඔහුව මැදගම රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩි දුර ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහල වෙත ඇතුළත් කළ බව සඳහන්.
මෙලෙස තුවාල ලබා ඇත්තේ රුවල්වෙල , තඹාන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තබා ඇති සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 65 හැවිරිදි අයෙක් වන අතර මෙම සැකකරුවාගේ ඉඩමට , වෙඩි වැදුණු පුද්ගලයාගේ ගවයෙකු ඇතුළු වීම හේතුවෙන් ඔහුට වෙඩි තබා ඇති බව වාර්තා වේ.
සැකකරු අද (13) බිබිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
