පුද්ගලයකු දුම්රියට බිලි.

එඩේරමුල්ල සහ හොරපේ අතර ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අද (25) පස්වරුවේ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව සදහන්.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය එම දුම්රියෙන් රාගම දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් තිබේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරපේ ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මෙය සියදිවි නසා ගැනීමක්ද නැතහොත් හදිසි අනතුරක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.

Exit mobile version