ඉඩම් ආරවුලකට පුද්ගලයෙකු ජීවිතයෙන් වන්දි ගෙවයි.

අම්බලන්තොට ,මාමඩල ප්‍රදේශයේ දී ඊයේ (17) උදැල්ලකින් ,යකඩ පොල්ලකින් සහ සවලකින් සිදු කළ පහරදීමක් හේතුවෙන් තුවාල සහිතව අම්බලන්තොට රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 60 හැවිරිදි අම්බලන්තොට,මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිය ගිය අයගේ සහෝදරියගේ දරුවන් සමග ඉඩමේ වැටක් සම්බන්ධයෙන් ඇති කරගත් ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදු කර ඇති බව සදහන්.

සිද්ධියට අදාළ සැකකරුවන් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.

Exit mobile version