වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි අයෙකු අත්අඩංගුවට .

පානදුර ,සරිකමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී රජයේ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සැකකරු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොමැතිව ,කූඨ ලේඛන උපයෝගි කර ගනිමින් අන් අයෙකු ලෙස පෙනී සිටිමින් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර කිරීමේ නිරතව සිටි බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ඊයේ (28) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැර තිබෙන අතර නඩුව 2024 ජනවාරි14 දින නැවත කැදවීමට නියමිත බව සදහන්.

මේ පිළිබඳව පානදුර ,උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version