පොලිස් කොස්තාපල්වරියන්ට රහසඟ පෙන්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට .

කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුගේ සිරුරෙහි රහසඟ ගැටීමට සැලැස්වූ පුද්ගලයෙකු පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රාජකාරියේ නිරතව සිටි මෙම පොලිස් කොස්තාපල්වරියන් දෙන්නා සේවය නිමවා කොටුව පොලිස් ස්ථානයේ නේවාසිකාගාරයට නිල ඇඳුමින් යන අවස්ථාවේදී ගුණසිංහපුර ආලෝක සංඥා පූවරුව අසලදී සැකකරු සිය ඇඳුම් උනා දමා මෙලෙස පොලිස් නිලධාරිනියන්ට හිංසා කල බවට් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

පොලිස් කොස්තාපල්වරියන්ගේ කෑගැසීම ඇසුනු විට එම ස්ථානයේ සිටි පිරිසක් පළා යමින් සිටි සැකකරු අල්ලා පොලිසියට භාරදී ඇති බව සදහන්.

Exit mobile version