ඊයේ (03) දින දහවල් කාලයේදී බොරැල්ල පොලිස් වසමේ කොටා මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 200ක් හා ජංගම දුරකථනයක් සන්තකයේ තබා ගෙන ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කදවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වූ කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
මේ පිළිබඳව බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
