ඊයේ (09) දින රාත්‍රී කාලයේදී පෑලියගොඩ පොලිස් වසමේ 04 කණුව ප්‍රදේශයේ දී හෙරෝයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (10) දින අළුත්කඩේ අංක 05 ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරගෙන යනු ලබයි.
