රාමාවිල් කෝවිල අසලදී පුද්ගලයකු අත්අඩංගුවට .

ඊයේ (31) රාත්‍රී කාලයේ කොඩිකාමම් පොලිස් වසමේ රාමාවිල් කෝවිල අසලදී මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් යතුරුපැදියක පැමිණ මාර්ගය අයිනේ නවතා සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240ක් සමඟ අත්අඩංගුවට ගෙන කොඩිකාමම් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වූ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (01) දින චාවකච්චේරිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කොඩිකාමම් පොලිස් ස්ථානය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Exit mobile version