පොලිස් විශේෂ කාර්‍ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (07) ජාඇළ , පමුණුගම , වැලිගම්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කසල තේ කිලෝ ග්‍රෑම් 59,875 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් බව සඳහන් වේ.
සැකකරු සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා ඔහුව පමුණුගම පොලිසිය වෙත භාර දී තිබේ.
