ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට .

ජීව අත්බෝම්බයක් සහ හෙරෝයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම වැටලීම සිදු කර ඇත්තේ විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරක් මතයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සතුව හෙරෝයින් මිලිග්‍රෑම් 1,290ක් හා M75 වර්ගයේ ජීව අත්බෝම්බයක් සන්තකයේ තිබූ බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

පොලීසිය වැඩිදුරටත් සදහන් කරන්නේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ මැදවච්චිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version